Monday, May 4, 2015

රණවරා ගහේ මල් පිපෙන කාලෙට

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද

වැඩපළේ වහළ උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැ.තුවාද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පරවුණා ම එරබදු මලෙත් නෑ පැණී

එනතුරා පැලට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද ////

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 2004 දී සුවඳ මුවරද සංයුක්ත තැටියටත් 2008 දී වාදකයාණනි සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: