Tuesday, March 17, 2015

යුග යුග ගානේ

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ
යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා

ආදර තරඟ නැඟේ
මේ පෙම් විලෙහි ජලේ
මා සිත ඔකඳ වුනේ ආදරයටයි ඔබේ

ඔබ හැම භවයේ සෙවනැල්ලක් සේ
මා සමගම ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා ලද ළබැඳි සෙනේ මා සිත පුබුදු කලේ
මා ඔබ නිරන්තරේ ආදර ලොවක රැඳේ
රුදු මරු කතරේ දිය බිඳුවක් වී
මා ඔබ වෙත ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා

ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා
මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - හේමසිරි හල්පිට
තනුව සහ සංගීතය - සරත් ද අල්විස්

No comments: