Tuesday, March 17, 2015

බුදුන් මෙ තුන් ලොව උත්තම

බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමු අම්මා
වංකගිරියෙ ඵල නෙළමින් දරුවන් රැකි අම්මා
සත් වස සීවලී මහිමි කුසේ වැඩූ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

සතර කුලේ සතර මහා නිධන් වටින අම්මා
සතර මහා ගංගාවට සිහිල දෙවන අම්මා
සතර අපා වල නොවැටී නිවන් දකින අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: