සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය
පිනි සළු දවටනු මට පෙනුණා
සිහින් සරින් කාටත් හොර රහසේ
මා හා හිනැහෙණු මට ඇසුණා
ඇයි මල් කැකුළේ සිනාසුණේ ඔබ
ඇයි ඔබ සිනාසුණේ
ඔබෙ හිත හඳුනා සිනාසුණා මම
සතුටක් රැඳුන නිසා
ලොවට හිතන්නට ඒ සතුටේ වග
අද මා සිනාසුණා
ඔබ හා සිනාසුණා
සැන්දෑ යාමේ ඒ මල් කැකුළී
දෙරණත සැතපෙණු මට පෙනුණා
නොපෙණෙන ලෙස කාටත් හොර රහසේ
ඉකිබිඳ වැලපෙණු මට පෙනුණා
ඇයි මල් ළඳුනේ වැළපෙන්නේ ඔබ
ඇයි දැන් වැළපෙන්නේ
උදෑසනින් මා ඔබේ හිතේ දුටු
සොම්නස දැන් නැත්තේ
සතුටක කාලය කෙටි බව දැනිලයි
මා දැන් ඉකිබින්ඳේ
ඔබ හා ඉකිබින්ඳේ
සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය
පිනි සළු දවටනු මට පෙනුණා
සිහින් සරින් කාටත් හොර රහසේ
මා හා හිනැහෙණු මට ඇසුණා
ඇයි මල් කැකුළේ සිනාසුණේ ඔබ
ඇයි ඔබ සිනාසුණේ ...///
ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
ගී සංකල්පනාව - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment