නුඹේ ඇසට ඇස තියලා බැලූයෙමී
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
නුඹේ කණට කණ තියලා ඇසූයෙමී
කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී
ඒ කවුරුන්ද මා විපරම් කෙරූයෙමී
ඒ හැම වරෙක නුඹ නොදොඩා සිනාසුණී
මා අත් ඇඟිලි නුඹ අතැඟිලි වෙලා වුණී
මා ගත සුවඳ නුඹෙ සියොළඟ වසා වුණී
දුක් ගිනි සා පවස දැණුනෙද එකා මෙනී
නුඹ මම යයි මම නුඹ යයි කියා වුණී
මගේ ඇසට ඇස තියලා බැලූ සඳේ
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
මගේ කණට කණ තියලා ඇසූ සඳේ
කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී
ඒ කවුරුන්ද යළි විපරම් නොකළ මැනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ගායනය - නිරංජලා සරෝජිනී සමඟ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment