Tuesday, March 17, 2015

නාගල ගං වීදියේ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී ...//

කැලණි ගඟාණෝ උතුරා ගං වතුරත් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අග අපි උඹවත් හෙව්වා

වැලි ගල් රොන් මඩ ගඳ නම් උහුලන්නට බෑ
කටසැර අම්මණ්ඩි කොහේද කවුරුත් දන්නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

ඔහේ පාළුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහොක මහ ගජ සෙන් විලසා
අනේ අනිච්චං කියලා කියූ කෙනෙක් නෑ
කටසැර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

ගායනය - නිරංජලා සරෝජිනී සමග ගුණදාස කපුගේ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව  - එච්. එම්. ජයවර්ධන

No comments: