ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්තයක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා ...//
සිනහ වුණොත් ආදර හිත් සුවඳ වෙවී
හෙට දවසේ ලෝකය තව ලස්සන වේවී ...//
ඒ ලස්සන ලෝකය මත අප හිනැහේවී
ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්තයක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා
පෙම් බස් මුමුණන විට අප හඳ හෙවනේ
තව ලොවකට යන මාවත අපට පෙනේවී ...//
ඒ මාවත තරු එළියේ එළිය කරාවී
ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්තයක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා
ඔබත් මාත් අතරේ
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment