ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු
අධිරද බල මුලු දෙපයට යටවී
ඇය පෙර විඳි දුක් සිතිය යුතු
අවියද නැතහොත් සවියද දිය යුතු
ඇය හට දරුවෙනි නැවත මතු
ඇයගේ කෙත් ළැම කිරි වැදි උයනින්
ලැබ ගත් ශක්තිය සිරුර සතු
ඇය වට සමුදුර වෙනුවට අත් බැඳ
වළලු හැදී අප සිටිය යුතු
කොතැනත් උතුරයි
කොතැනත් දකුණයි
කොතැනත් එක ඉර හඳ ඇති නම්
කොතැනත් දරුවොයි
ඇයගේ දරුවොයි
කුල ගොත් දෑ කුමටද මායිම්
ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක
No comments:
Post a Comment