දිස්නෙට මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ
සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතුමැණිකේ ලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා ....//
ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ
කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ ...//
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ
ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ
ගායනය - නිරංජලා සරෝජිනී සහ ප්‍රියා සූරියසේන
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය - ප්‍රියා සූරියසේන
යශෝධා විමලධර්ම මහත්මියගේ ඡායාරූපය "Kandian Sarees" විලාසිතා දැක්මෙනි.

No comments:
Post a Comment