Friday, March 27, 2015

ඉරට අකීකරු



ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුළැලි ගඟ ළඟ ඉකිබිඳ නාඬන් //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නලියන කඳුළු සළන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - සරත් දසනායක

දිණුම් කණුව චිත්‍රපටියෙන් (1974)

No comments: