Wednesday, March 4, 2015

පෙර දිනයක මා

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා...//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...

ඉරට සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා...//
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා

එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා...//
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා...

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: