Sunday, May 31, 2020

දහසක් සිත් විමසා


දහසක් සිත් විමසා
දුටුවේ මිනිසුන් අතරේ
තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

දවසක් හෝ කවුරුන්
ඇතිදෝ හිනැහී සතුටින්
පෑව හසරැල් වසා
සුසුමයි රැඳුණේ රහසින්

කඳුළින් හිනැහෙමින් රැවටී සැනෙකින්
සැනසෙමුදෝ කෙලෙසින්
සැනසෙමුදෝ කෙලෙසින්

අන් විපතේ දුක හඳුනා
කවුරුන් ළතැවේදෝ
අනෙකෙකු ලබනා ඉසුරින්
කවරෙකු තුටු වීදෝ
සැනසී ඇත්තේ කවුදෝ
ඒ මිනිසා කොහිදෝ
ඒ මිනිසා කොහිදෝ

දහසක් සිත් විමසා
දුටුවේ මිනිසුන් අතරේ
තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සොමී සේකරාම
තනුව - නිමල් මෙන්ඩිස්


මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයට ඇතුළත් විය.

No comments: