Sunday, May 31, 2020

රුදුරු තුරු වදුලේ


රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

මහදේ රන් සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් හිඳිමි සැමදා
දෑස ‍වැසෙන තුරා
දෑස ‍වැසෙන තුරා

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

මිහිරී රූ සිරි
මිහිරේ ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය කාලෝ ෆොන්සේකා
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය.

No comments: