Sunday, May 31, 2020

දළින් අනින


දළින් අනින පයින් මඬින
රුදුරු සැහැසිකම් කළ ඇතු

දළින් අනින පයින් මඬින
රුදුරු සැහැසිකම් කළ ඇතු
අන්න බලන් සැදැහැ සිතින්
කරඬුව ගෙන යනවා
ආ.. ආ... කරඬුව ගෙන යනවා
කරඬුව ගෙන යනවා

දෙපයින් අහසට නැඟෙමින
හේෂාරව නඳ නැඟු අසු

දෙපයින් අහසට නැඟෙමින
හේෂාරව නඳ නැඟු අසු
අන්න බලන් ආදරයෙන්
රජුට අසුන දෙනවා
ආ.. ආ... රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා

අඟිනවුලා මුල් උදුරා
ගුරු තවරා ගත් ගව දෙන

අඟිනවුලා මුල් උදුරා
ගුරු තවරා ගත් ගව දෙන
අන්න බලන් මවක වෙමින්
කිරි දෙන්නට එනවා
ආ.. ආ... කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා

නින්දා රළු බස් පහරින
සසල නොවී නිසසල වන

නින්දා රළු බස් පහරින
සසල නොවී නිසසල වන
අන්න බලන් දැමුණු දනා

අන්න බලන් දැමුණු දනා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා

ගායනය - සුනිල් එදිරිසිංහ සමගින් පිරිස
පද - මහින්ද දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය.
ධම්ම පදයේ නාග වග්ගයෙහි ඇතුළත්, "දන්තං නයන්ති සමිතං" ගාථාව පදනම් කර රචනා වූවකි. 

No comments: