Sunday, July 21, 2019

ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ



ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ
රන්වන් වැලි මත රළ පැතිරෙන්නේ
සීත සුළං හමනා
පුන් පෝය අදයි සුමනා

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ ...//

ආ හා
ලල ලලල්ල ලල් ලල් ලා
ආ හා
ලල ලලල්ල ලල ලල ලා

නලවැල නළවන තුරු මුදුනේ හිඳ
කොහා ගයයි පෙම් ගීතේ ...//
හඳ රළියෙන් අද නැහැවී හැම තැන //
සීතල සුළඟ හමන්නේ

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ ...//

ලස්සණ පුර හඳ පායා දිලෙන්නේ
රන්වන් වැලි මත රළ පැතිරෙන්නේ
සීත සුළං හමනා
පුන් පෝය අදයි සුමනා

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ ...//

ආ හා
ලල ලලල්ල ලල් ලල් ලා
ආ හා
ලල ලලල්ල ලල ලල ලා

වෙරළ සිඹී මුහුදේ නිල් දිය කඳ
හඳ ඇති මේ රෑ වැල්ලේ ...//
දෑත රැගෙන අපි හඳපානේ යමු //
ආදර සීන මැවෙන්නේ

අපි ඇවිදිමු හඳපානේ
අපි නැළවෙමු මේ යාමේ ...///

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කේ. ෆ්‍රැන්සිස්
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

No comments: