රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී ....
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි
රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
මී ....
මීරකින් කීවොතින් ගී කවි සින්දු
ගී කවි සින්දු
ආ ....
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු
රූබර ලන්දු
හවුහරණෙට පැල ඉණි වැට විතරයි කලඑළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ
පා ....
පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
කිමද තැවෙන්නේ
ගං ....
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
කැන්දන් එන්නේ
නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා
රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි
ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්රේමසිරි කේමදාස
No comments:
Post a Comment