සසර වසන තුරු
නිවන් දකින තුරු ...//
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා
වේවා හේතු වාසනා
රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ
උරුමයයි ...//
සසර වසන තුරු
නිවන් දකින තුරු ...//
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා
වේවා හේතු වාසනා
ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව
- පණඩිත් ඩබ්.ඩී. අමරදේවගීතයේ බිහිවීම පිළිබඳ සුන්දර පුරාවෘතයක් ඩෝල්ටන් අල්විසුන් විසින් වරෙක මෙසේ ආවර්ජනය කර සිටි බව, ගයා රම්‍ය අල්විස් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට කළ ලිපියක සඳහන් කර තිබුණි. පහත ඇත්තේ ඒ ලිපියේ උපුටා ගත් කොටසකි.
(සම්පූර්ණ ලිපියට https://www.divaina.com/2016/12/04/feature07.html)
"මගේ නැන්දම්මට ගුවන් විදුලියෙ ප්‍රචාරය වෙන පිරිත් සජ්ජායනය අහගෙන නින්දට යන පුරුද්දක් තිබුණ. මමත් එදා නින්දට ගියෙ ඒ පිරිත් හඬට කන්දෙමින්. නින්දට වැටුණම මම අපූරු හීනයක් දැක්‌ක. මම හීනෙං අටමස්‌ථානෙ වන්දනාවෙ යනව. රුවන්වැලි මහසෑය, තිසා වැව අතීත ශ්‍රී විභූතිය නරඹමින් මම ඇවිදගෙන යනව. සිහිනයෙන්ම මගේ මනසට ගීතයේ මුල්වචන ඇහෙනව වගේ දැනෙනව. කවියාගේ භාෂාමය ගනුදෙනුව ඔහුගේ අන්තර්ඥානය එක්‌ක සම්බන්ධ දෙයක් කියල විවිධ විද්වතුන් කියනව ඇත්තෙ මේ කාරණය වෙන්න ඇති. මහ පාන්දර මම නැඟිට්‌ට. තාමත් ඒ පද මගේ මනස තුළ නින්නාද වෙනව. මම ඉක්‌මනටම කොලයකුයි පෑනකුයි අරගෙන ලියන්න පටන්ගත්ත. බිරිඳ ආරි (ආරියවතී අල්විස්) නැඟිටල ඇහුව මේ මොකද මේ මහරෑ ඇහැරගෙන කියල. උත්තර දෙන්න ඉස්‌පාසුවක් තිබුණෙ නෑ. ඇය පුදුමයෙන් වගේ බලා සිටිය. එක හුස්‌මට ගීතය ලියවුණා. ඒ තමයි සසර වසන තුරු ගීතය".
Song - Sasara Wasana Thuru
Singer - Pandith W.D. Amaradewa
Lyricist - Daulton Alwis
Composer - Pandith W.D. Amaradewa
No comments:
Post a Comment