සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සැළී ලෙළී දෙගොඩ තලා
ගඟක් ගලයි සයුර බලා
මූදට හාවී
ගඟ හාදු පුදාවී
මී අඹ දළු සිළි සිළිගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ ...//
මල වටකර වන බමරිඳු බමන්නේ
මධු රස දැනිලාද මෙසේ රඟන්නේ
පිල් විදහා රණ මයුරා
රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී
බලයි සතුටින් ඉපිළී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සැළී ලෙළී දෙගොඩ තලා
ගඟක් ගලයි සයුර බලා
මූදට හාවී
ගඟ හාදු පුදාවී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටියෙන්
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment