Friday, April 3, 2015

සිහින නෙළුම් මල

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ ...//
අහස ඉසව්වේ ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ ...//
කවියක් සේ ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ යළි එය
ජීවිතයේ අන්තිම යාමේ //

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව

'සහනය' චිත්‍රපටියෙන්

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: