Wednesday, September 28, 2016

සීතල පිනි මත

සීතල පිනි මත මල් පෙති විසිරෙන
දවස උදාවක සතුට උදාවේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවන්නේ පෙරුම්පුරා

දෙනෙතට ළංවී රහස් කියන්නට
දෑතට සිරවී සෙනෙහෙ විඳින්නට
මා ඔබ හමුවේ
ඔබ මා හමුවේ
අරුණළු කැන්දන හිමිදිරියේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

යුග ගණනක් පැතු පැතුම් සඵල වී
වසර ගනන් සිතු සිතුම් සඵල වී
වසන්ත ගොමුවේ
ඔබ මා තනිවේ
තරු මල් කැන්දන සඳ යහනේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී
පද - කුසුම් පීරිස්
තනුව - රෝහණ වීරසිංහ

No comments: