Wednesday, September 28, 2016

සුසුමක උණුසුම

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි ...//

මිහි මත සැඟවුණ විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහි මත සැඟවුණු විදු ලොව
හෙළි කළ දෙනෙත ඔබයි

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි

හදවත පිරිමැද සිතිවිලි පොබ කළ
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැඟෙන සිත තුළ ගොළුවුණ
නොපිපෙන පැතුම ඔබයි

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් වුණේ ඔබයි
කඳුළක සිසිලස නොහැඟුණ නෙතකට
කඳුළක් වුණේ ඔබයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - රෝහණ වීරසිංහ

No comments: