මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
ඝන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාළිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට ...//
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - දයා ද අල්විස්
තනුව - සෝමපාල රත්නායක
Song - Malak Nethi Gasak Wee
Singer - Niranjala Sarojini
Lyricist - Daya de Alwis
Composer - Somapala Rathnayaka
2 comments:
Thanks
Thanks
Post a Comment