නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමං කළා
පන්තියේ මිතුරන් එදා කළ
විහිලුවෙන් හිත රිදුණු දා
මා හෙළූ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා
යුදවැදී නෑසියන් බලමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ සළුපිළි තවම නෑ වේලිලා
දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුල මළ තවරලා
මගෙ ඇඳුම් ඔරබ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා
එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ
හිතපුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියෙනවා
නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමං කළා
ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජිනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment