Wednesday, December 28, 2016

කරගල ගගා එන්න

කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ ...//

නමනා සිරස ඔබට
ඉසුරින් පිරුණු දනට
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින් ඔබට නිකට
ඔච්චම් කල එවුන්ට
අහිතක් නැත ඔබ සිතුවා

කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ

බිඩිය දමා බිමට
ගඳ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මඟුලැතු ඇවිත් රුවට
ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදණ නමනවා

කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: