Wednesday, December 28, 2016

සෙනේ සිතින්

සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් ..//

එකම අහස හිමි කාටත් සෙවණ සැදෙන්නේ
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ

සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්

බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳ ගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

සෙනේ සිතින්
සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් ...//

නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන් ///.

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: