Thursday, December 29, 2016

බෝදිලිමා අඬන්නේ

බෝදිලිමා අඬන්නේ බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

විළි රෑනේ දුක දරන්න
හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුළඟට
ඇඟ හීගඩු පිපේ
බෝවෙල දෙයියෝ බලන්න
වැදුම් ගෙදර රඟේ
වැදුම් ගෙදර රඟේ

කොකුම් නෑව ගම ඉහළට
විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක්
තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬද්දෙන්
සංසාරෙට බයේ
සංසාරෙට බයේ

බෝදිලිමා අඬන්නේ බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: