හන්තානේ කඳු දණ ඇණ නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවද හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදුවෙන හාමුදුරුවනේ
මතු බුදුවෙන හාමුදුරුවනේ
ඇදුරින්දේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනඟට අහුවුණ
මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
දාඩිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ
අකල් මරණ ගැන නැත දන්නේ
කාලය දීපය දේශය දන්නා
මතු බුදුවෙන හාමුදුරුවනේ
කරුමය දැනගෙන එන්ඩ ගියේ පුතු
හමුවුණ නැති වග නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
කියන්න දැන්වත් ඇදුරිඳුනේ
කියන්න දැන්වත් ඇදුරිඳුනේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment