Wednesday, December 28, 2016

මං හින්දා ඔබෙ

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරී
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

ගිවිසා ගනිමු අපි
පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

ගායනය - විශාරද ගුණදාස කපුගේ සමග විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: