Wednesday, December 28, 2016

බිරිඳ මගේ ඔබ

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
මා පෙම් කළ අය මටද ලැබී නැත ...//
මව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑඟිලි පමණක් එකට බැඳී ඇත
දෑඟිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ

සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහළ යට ...//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද

බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ
ඔබගේ බිරිඳ නොවේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: