කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා
කිරි කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා
රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//
ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා
ඔබෙ ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා
රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//
පයට ගිගිරි
කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා
ඔය පයට ගිගිරි කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා
රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//
නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා
ඔබෙ නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා
රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//
රඟන ඔබේ මුවග සිනා
හදට මගේ තුරුලු වුණා
රඟන වෙසින් මුවට ගෙනා
කුමට මගේ ඔබට සිනා
රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ
...////.
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
සහ ක්ලැරන්ස්
විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment