කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ඈත ලෝකයේ දුටු අලුත් සඳක් ඇතේ
තරු මැලවී
සඳ තනිවී
හද වැළපී
ඇත ගොළුවී
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ගී පොතේ ලියූ හද බැඳි ගීතයන් ගැයූ
නෙත සැනසූ මගෙ සීන කුමරියේ
ඔබෙ පාළු ලෝකයේ දැනේද දුක් සුසුම් ළයේ
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ජීවිතෙන් එහා කොතැනද ඉන්නෙ අද දිනේ
මතු දවසේ ඔබ රූපයෙන් දිනූ
ලොව ආදරෙන් පිදූ නිහඬය හීනයක් බඳූ
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ඈත ලෝකයේ දුටු අලුත් සඳක් ඇතේ
තරු මැලවී
සඳ තනිවී
හද වැළපී
ඇත ගොළුවී
කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධන
No comments:
Post a Comment