මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ
සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
යෞවනේ සෙනේ සිහිනයක් නොවේ
මල් වගේ සැණින් මිලාන වී නොයේ
මී විතක් වගේ අපගෙ ආදරේ
වාසනා මවයි ජීවයේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ
සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
රන් රුවන් පුදා ලබන්න බෑලු මේ
ආදරේට ආදරේම ඕනවේ
ආදරේ තරම් උතුම් දෙයක් නොවේ
ළංවෙලා විඳින්න කෝ සුවේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා ඔබේ ආදරේ මා හදේ රකින්නෙමී
ඉරුයි සඳුයි වගේ
රැයයි තරුයි වගේ
මලයි පෙතියි වගේ
අපේ
සෙනේ අගේ
මා ඔබේ රූ සිරී ආදරෙන් දකින්නෙමී
මා හදේ රකින්නෙමී
ආදරෙන් දකින්නෙමී
මා හදේ රකින්නෙමී
ආදරෙන් දකින්නෙමී
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සමග
ෂෙරිල් පෙරේරා
පද - වර්නන් පෙරේරා
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධන
No comments:
Post a Comment