Friday, March 29, 2019

මොරටුව මොරටුව


මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

ලී බඩු ගැන නම ලක්බිම රන්දා
මසුන් මරන ඔරු සයුරට කැන්දා ...//

ආදර හොඳ හිත සැම වෙත රන්දා
මොරටුව වැජඹෙයි අද ජයකොඩි බන්දා

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

කොතන වුනත් අපි එකමුතු වන්නේ
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ
පූරුවෙ පිණටයි අපි මොරටුවේ උපන්නේ

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් වූ "සිහින පැතුම්" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP Sooriya / CHB 035)

No comments: