Friday, March 29, 2019

සඳ කිරණින් මගෙ පාළුව මැකීලා



සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා ...//

ඇය දැකලා
සිනහවෙලා ...//
සිත මා පිබිදෙනවා

අමුතු ලොවකි මා අභයස
කිමදෝ ඇයගේ අදහස
මගේ පැලට පහනක් වේවා

සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා

ගේ මිදුලේ
මල් පිපිලා ...//
බමර ගීත ගැයුණා

සවන් පුරා එන රාවෙන්
රැයේ දකින සුබ සිහිනෙන්
මගේ පැලට පහනක් වේවා

සඳ කිරණින් මගෙ පාළුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබෙ රුව දුටුවා
ඒ තුළ මැවිලා
අමුතු ලොවකි මේ සඳරැස් ගලාලා ...//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: