Friday, March 29, 2019

සිහිල් නුවන් තුළ

සිහිල් නුවන් තුළ යහන තනා දෙමි
සැතපෙනු මැන සුවසේ
එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසා ගනිමි රහසේ
වසා ගනිමි රහසේ

ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී
සදා මගේ නෙත දසුනම වී ඔබ එහි සැනසෙනු මැනවී
එහි සැනසෙනු මැනවී

මගේ හදේ දිණු අරුමැසි ගීතය කොඳුරනු ඔබට ඇසේ
දැනේ එකල තව දසුනක් නැති බව මට මුලු ලොවම කුසේ
මට මුලු ලොවම කුසේ

මෙවන් හැඟීමක් නැත පෙර පහළව අරුමෙකි මහ පුදුමයි
භවෙන් භවේ ඔබ මට හමුවන්නට මා පතනා පැතුමයි
මා පතනා පැතුමයි
මා පතනා පැතුමයි

ගායනය - ගෝල්ඩන් චයිම්ස් 
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.
(EP Supertone / VTA-1007)

මුල් ගීය


ක්ලැරන්ස් පසු කලෙක කළ ගායනයක්

No comments: