Friday, March 29, 2019

වියරු වැලි තීරයේ



වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ

අවි මානලා සීරුවේ රැඳී ඉන්නෙ යුද බිමේ පෙරමුණේ
වෙඩි මාරුතේ පාවෙලා සොයා එන්නෙ මේ අපේ ජීවිතේ

රණකාමියෝ ඔබ වගේ නැතේ ලෝකෙ කිසි දිනේ පැරදුනේ
දිනා එන්න මා වෙතේ හෙට දිනේ සුහදානනේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ

පොඩි දෝණියන් සිහිවෙලා නෙතේ මාගෙ කඳුළු වැල් ඉතිරිලා
හෙට මේ සටන් නිමවෙලා උදාවේද සාමයේ කල්පනා

රට ජාතියේ වීරයෝ සදාකාලෙ දෙවිවරුන් රකිනවා
ඔබේ නාමෙ රන් ලෙසේ දිලෙනවා විරුවාණනේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

ජීවිතේ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන සහ ෂෙරිල් පෙරේරා
පද - වර්නන් පෙරේරා
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: