මෑණියනී හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා
ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල වඳිමි දණ නමා
ඔබෙ හසරැලි ඔබෙ කඳුළැලි මට දැක පුරුදුයි
ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි
සිරුර පුරා දිව යන ලෙය සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි
මෑණියනී හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
මා ළයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා
ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
මෑණියනී ඔබෙ දෙපය අසල වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ නමා
වඳිමි දණ නමා
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධන
No comments:
Post a Comment