මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා
ගීයක් වාගේ
ලස්සන ලෝකේ
දිගුකල් යෙහෙන් වැජඹේවා
නෑඹුල් ලෝකේ
සැප හා සෝකේ
වටහා හොඳින් සැරදේවා ...//
මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා
ජීවිත කාලේ
රැඳෙමින් ආලේ
විශ්වාසයෙන් එකතු වේවා
මල් මල් ලෝකේ
මංගල යෝගේ
සුභ මංගලේ සතුට දේවා
මනමාලී
සිරියාවී
අද පෝරුව මත නැගිලා
සුකුමාලී
සුරනාලී
අද ඔබෙ දිනය වෙලා
හඬලා දොඩලා දෙවියන් යැදලා
සුභ මොහොතින් එනවා
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධන
No comments:
Post a Comment