පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්
කිරි මුහුදේ පෙන බුබුළකි
පුතු සැතපෙන යහනා
සේපාලික මල් පොකුරකී
පුතුට දෙන්න යහනා
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ
සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්
ගඟට උඩින් කිරි වවුලෝ
පියාඹලා යාවී
කිරි මදු වැල් ගංගාවකින්
පුතුට අරන් ඒවී
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ
සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්
ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

No comments:
Post a Comment