Tuesday, May 26, 2015

හද මල් පුරා

හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි
..//

අඳුර ඉරා ....
අඳුර ඉරා සඳ මුතුලැල් ඉහිරෙණ තුරුණු සඳැල්ලේ
සිහින සරා ...
සිහින සරා හද දොරගුල් හැරලමු ලොවට නිදැල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා පුබුදන ජීවිතේ වසන්තයයි


ගිමන නිවා ....
ගිමන නිවා මල් පවනැල් සර විඳ සැලෙන කැදැල්ලේ
පහස ලබා ....
පහස ලබා රැකවල් සිඳලමු ලබන ඇසිල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි


ගායනය - අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


Hada Mal Pura - Amarasiri Peiris & Deepika Priyadarshani Peiris

No comments: