ආඅ
අඅඅඅ ආ ආ ආ
ආ
ආ...
කාගෙ
නෙතකට ගී ලියන්නද
කාගෙ
සවනට ගී කියන්නද
මේ
මහා දෙරණේ
අහෝ
මිනිසුන් අන්ධ වී ඇත
නැතිව
පිළිසරණේ
ආ ආ... ආ ආ...
ආඅ අඅඅඅ ආ ආ ආ
ආ ආ...
මගේ
ගීතය තබා එන්නෙමි
නාඳුනන
සොහොයුරන් සිරවූ
අඳුරු
සිර කුටියේ
හැඟුම්
යට කළ පවුරු අභියස
යකඩ
දොර අතරේ
ආ ආ... ආ ආ...
ආඅ අඅඅඅ ආ ආ ආ
ආ ආ...
මගේ
ගීතය තබා එන්නෙමි
වට
රවුම් මැද මල් උයන් ළඟ
සාප
ලත් නගරේ
නිරාහාරව
වැතිර සිටිනා
දිළින්දන්
අතරේ
ආ ආ... ආ ආ...
ආඅ අඅඅඅ ආ ආ ආ
ආ ආ...
මගේ
ගීතය තබා එන්නෙමි
දුප්පතුන්
වෙනුවෙන්ම දිවි දුන්
සොහොයුරන්
සිරසේ
සැබෑ
මිනිසුන් සදා සැතපෙන
සොහොන්
කොත් අතරේ
කාගෙ
නෙතකට ගී ලියන්නද
කාගෙ
සවනට ගී කියන්නද
මේ
මහා දෙරණේ
අහෝ
මිනිසුන් අන්ධ වී ඇත
නැතිව
පිළිසරණේ
ගායනය
- දීපිකා ප්‍රියදර්ශනී සහ පිරිස
පද
රචනය - සුනිල් මාධව ප්‍රේමතිලක
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:
Post a Comment