Tuesday, May 26, 2015

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි
ඒ දේවලේ දේවතා නුඹයි
මගෙ ජීවිතයට බැල්ම හෙළන
මා හද සුවපත් කරවණ දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්නට එපා
කටුක විහ සිත් ළතැවුල් නම්

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ම් ම්ම්...
ම් ම්ම්.. ම් ම්ම්.. ම්......

මගෙ ජීවිතයේ වසන්තය නුඹයි
ඒ වසන්තයේ නැඟුණු සඳ නුඹයි
ගණ අඳුරින් මා මුදවන
විඳිනා දහසක් අණ විණ
සරා සඳ නුඹයි
කවදාවත් මකන්නට එපා
ඒ ආදරයේ නැවුම් සිහින නම්

මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පළමු පහන පත්තු කරන්නම්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සමුද්‍ර වෙත්තසිංහ
තනුව හා සංගීතය - එච්.එම්. ජයවර්ධන

No comments: