Monday, July 22, 2019

මල් ලෝකේ රාණී



මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

මා හද විල සරසාලා
ආදර මල හැඩ වීලා ...//

මා සනසා ඉඟි පාලා
රඟන්න චලලෝචනී

මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

මේ මුලු ලොවම එපාවේ
මගෙ රස රැජිණ හිනාවේ ...//

සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජණී

මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ලලිත් එස්. මෛත්‍රීපාල
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: