Monday, July 22, 2019

ගත සිත සමකරලා



ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා
දෑස යොමාලා
වීර්ය වඩාලා
පිබිදෙමු දියුණ බලා
ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

භේදා දුරලා
සම මෙත පාලා
සමගිව එකමුතු වීලා

ඈත බලාලා
පාද නගාලා
යමු යමු ඉදිරි බලා ...//

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

කුඹුරු සදාලා
වැවිලි වවාලා
සිරිලක ගොවිතැන පාදා

ශ්‍රී සරසාලා
ප්‍රීති පුරාලා
බොමු බොමු විජය අමා ...//

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා

ඛනිජ සොයාලා
ධනය සදාලා
අගහිඟ නැති කර දාලා

යහ ගුණ දහමා
ශීලෙ සැදීලා
වැජඹෙමු සිහල සැමා

ගත සිත සමකරලා
රට දැය වැඩ පතලා ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - සුදාස් මාස්කෝරාළ
තනුව - සී.ටී. ප්‍රනාන්දු


 පැරණි ගීය


නව ගීය

No comments: