Monday, July 22, 2019

කැලෑ මල නොවේ


කැලෑ මල නොවේ
ඕලු මල නොවේ
නිතර ඇසට පෙනෙන කුමුදු මලක් හෙම නොවේ //

තරුණ වරුණ කදිම දුවෙකි කළය හින තියා
දියට ඇදෙන ගමන සවස මෙහෙය නිම වෙලා
දැදුරු ඔය ගලා
බසින තැනිතලා
අසල තුරු ද මැයගෙ නමට මලින් බරවෙලා //

නැගෙන සඳක පලුව පරිදි නළල ඇගෙ මනා
සිහිනි ඉඟට දිලෙන සළුව හැඩට පටලවා
අහසෙ රතු වලා
නැගෙයි මැය බලා
ඇදෙන පැදෙන දෙඅත තරඟ ලෙසින් සල සලා //

තනිව පැදෙන ඔරුව පරිදි ගමන හුදකලා
දකින තරුණ මහලු හැමෝ මැයට ඉඟි කළා
ඇයද එය බලා
නුදුටු ලෙස ගියා
එයිනි රිදුණ කෙනෙකු තැවේ සුසුම් හෙළ හෙළා //

කැලෑ මල නොවේ
ඕලු මල නොවේ
නිතර ඇසට පෙනෙන කුමුදු මලක් හෙම නොවේ //

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - සරත් විමලවීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු


පැරණි ගීය



නව ගීය

No comments: