ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි
ඉස්සර වාගෙම දහදිය මුහු වුණු
අපේ බාර පිළිගන්න හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ) ..//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment