Friday, May 22, 2015

වසන්ත සුළඟින් නෑවීලා

ම්.. ම් ම්..
ම්.. ම් ම්..
ම්.. ම් ම් ම්..  ම් ම්..
ලා ලා ලා
ලා ලා ලා
ලා ලා ලා ලා...  ලා ලා

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී
අහස් වියන් පට ඉරා ගලා
තරු එළි නිමක් නැතේ ...//
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

හබල් පහර වැදුණාවේ (ම්.. ම් ම්..)
සයුර ඇවිත් හැපුණාවේ (ම්... ම් ම්..)
හබල් පහර වැදුණාවේ ගඟුළට රිදුම් නැතේ
සයුර ඇවිත් හැපුණාවේ වෙරළත් සිනාසෙතේ
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

වසන්තයක් එන පාරේ (ම්.. ම් ම්..)
ඔබේ සෙවණ ලද යාමේ (ම්.. ම් ම්..)
වසන්තයක් එන පාරේ සුසුමට ඉඩක් නැතේ
ඔබේ සෙවණ ලද යාමේ ලොව දෙව්ලොවක් වෙතේ
විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ

වසන්ත සුළඟින් නෑවීලා නව මල් පීදේවී
අහස් වියන් පට ඉරා ගලා
තරු එළි නිමක් නැතේ ...//

විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
කඳුළ විසුළ මග හිනා අරන් එන ආදරේ ...//
වසන්ත සුළඟින් නෑවීලා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - කරුණාරත්න විජේවර්ධන

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: