Friday, May 22, 2015

නෙළන්න බැරි දුරින් පිපී



නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ ...//

විලක රැයේ පිපෙන මලේ
කඳුළු සඟවලා
නැඟෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා
හිරු ද හඬවලා

නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන සිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා
සයුර ඇත බලා

නෙළන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ ..//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: