Friday, May 22, 2015

ගඟුලේ බිඳෙන හීන



ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා
හී දැරූ අනංගා ...//

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිමි
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ

තිසර තුඩ'ග ලෙලෙන පියුම වාගේ
වෙලෙමි විඳිමි නිබඳ ඔබගෙ ආලේ ...//

ඔබ හා ආ මේ
මං පෙත මාගේ ..//
ගම්දොර අහස වසන සරා සඳම වූයේ

ගහට වැලට හැඬුම නොමැත ආයේ
සුළඟ විලස රැඳෙමි පෙනෙන මානේ ...//

මේ රජ දානේ
බිළිඳෙකු දෑසේ ...//
හිමියෙනි කෙදින සිනහ ඉතිරෙද සිරියානේ

ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ

පෙම පිදූ නොසංගා
හී දැරූ අනංගා ...//

ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිමි
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: