Saturday, May 23, 2015

මැද්දේගම් ගිය මද්දුමයෝ

මැද්දේගම් ගිය මද්දුමයෝ
අද බැද්දේගම් ගැන නැද්ද වගක් ..////

යානා නේනා මං වරදින්නා
නුඹැහැට උළුවහු මදිද පැලේ
අත අහවර දා වත් ඇයි මන්දා
නෑවිත් ඇරියේ බැද්දේගම්

මැද්දේ ගම් ගිය මද්දුමයෝ
අද බැද්දේ ගම් ගැන නැද්ද වගක් ..//

අම්මා අප්පා පෝය ගණින්නා
හඳ පායන්නෑ අපට මලේ
අපි අසරණ දා ගම ගැන බලලා
බිම් මේ බි‍ඳේදෝ බැද්දේගම්

මැද්දේ ගම් ගිය මද්දුමයෝ
අද බැද්දේ ගම් ගැන නැද්ද වගක් ..////

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සිසිර දිසානායක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


No comments: